https://www.facebook.com/groups/garlicandginger/permalink/1554903461929318/
යෝගට් හදමු
මේ ක්‍රමයට යෝගට් හා මුදවපු කිරි හදන්න... ෆ්‍රෙශ් මිල්ක් උතුරන්න ඕන නෑ
විනාඩි 10ක් වත් ගියේ නෑ.
highland ලීටර එකක් කිරි පැකට් 1කින්
යෝගට් 16ක් හැදුවා 40x16 = 640/-ක් වටින යෝගට් පිරිසුදුව ගෙදරදීම...
එළුකිරි යෝගට් හදන්නත් පුළුවන් (නැවුම් එළුකිරි හොදටම උතුරුවා අරන්)
අවශ්‍ය ද්‍රව්‍ය-
ඕනෑම fresh milk ලීටර 1ක්
සීනි ග්‍රෑම් 100
වැනිලා බින්දුවක්
ලුනු පිංචක් ඇගිලි දෙකෙන් ටිකක්
ජෙලටින් මේස හැන්දක්
මුහුන් සදහා කඩේ යෝගට් එකක් (කාමර උශ්නත්වයේ)
සාදන ක්‍රමය:-
ඊලග ඊලග පාර් හදනකොට මුහුන් වලට මෙකෙන් යෝගට් එකක් තියා ගන්න පුළුවන්. හදන්න පටන් ගන්න යෝගට් එකක් අවශ්‍යමයි...
කිරි ලීටරය ලිපේ තියලා රත් කර ගන්න එකෙන් කිරි ටිකක් අරන් ජෙලටින් එක හොදටම දිය කර ගන්න. මං කිරිඋතුරුවන්න ගියේ නෑ මොකද මේවා පැස්චරීකරනය කරන ලද කිරි නේ...
එළකිරි නම් තමයි උතුරනකම් උණු කරන්න ඕන.
ඇගිල්ල ඔබන්න පුළුවන් ප්‍රමාණයට කිරි එක තියෙන්න ඕන නිවෙන්නම බෑ එතකොට සෙට් වෙන්නේ නෑ
පිටි අල්ලට බිංදුවක්වත් දාලා බලන්න ඒ රස්නය බොන්න පුළුවන් ගානට තියෙන්න ඕන. බබෙක්ට දෙන ගාන කියලා නිවෙන්නට හරින්න එපා ..
ඒකට හොදටම ගසා ගත් යෝගට් එක දාන්න. ජෙලටින් දාන්න වැනිලා තියේ නම් දාන්න හොදටම මිශ්‍ර කරන්න. පෙරාගන්න.
යෝගට් කප් 11කට දාන්න පුළුවන් . කලින් දා රෑ 8ට වගේ හැදුවේ අදුරු මුල්ලක. එලිය නොවැටෙන. හෝ කාඩ් බෝඩ් පෙට්ටියකට අහුරන්න හොලවන්නේ නැතුව රෙද්දකින් වහලා පහු වෙනිදා දවල් වෙනකම් තියන්න.
අවන්, ලයිට් ඕන නෑ රස්නේ, අදුර තිබ්බොත් ඇති.
මේවා මං අද රෑ 8ට හදලා පහුවෙනිද දවල් 12ට අරන් ශීතකරණයේ දාන්නේ.. මුදවපු කිරි හදන් මං අයිස් කැට සීනී දාලා මුදවපු කිරි දාලා බ්ලෙන්ඩර් කරලා ස්වීට් ලස්සි හදනවා උශ්න කාලේට මාර වටිනවා.
යෝගට් වුනත් ඔයාලාට ගෙදරම හදා ගන්න පුළුවන් බය නැතුව නැවුම් විදියට පිරිසුදුව
ට්‍රයි කරන්න ❤ සීත කාලගුණ කාලයක් මේවා ගල් වෙන්න ටිකක් වෙලා යනවා එලියේ තිබ්බාට නරක් වෙන්නේ නෑ හවස 6 ඉදන් පහු වෙනිදා හවස 6 වෙනකම් තිබ්බාත්... විටින් විට ඇර ඇර බලන්න එපා...
අවශ්‍ය පැය ගාන ගියාම අරන් ශීතකරණයේ තියලා කන්න ගන්න එතකොට පදම හරි 😍