Useful Links
--------
මගේ ඉතාලියේ ඉංග්‍රීසි භාෂාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබද පහළ ෆේස්බුක් පොස්ට් එක සම්බන්ධයෙන් විශාල ලෙස වැඩිදුර විස්තර ( 1500 පමණ දෙනා ) ඉල්ලා සිටීම නිසා පළමු වතාවට ඉතාලියේ විශ්වවිද්‍යාලයකට ඒජන්සියකින් / පුද්ගලෙකුගේ උදව් නැතිව තමන් විසින් විශ්වවිද්‍යාලයක් සහ එහි පාඨමාලා තෝරාගැනීමේ සිට ශිෂ්‍ය විසා (student visa)අයදුම් කිරීම සහ ඉතාලියට පැමිණීම දක්වා පිළිවලින් මෙම සතියේ වීඩියෝ කිසිපයක් පල කිරීමට බලාපොරොත්තු වේ. ඔබ එවන සෑම විමසිමක්ම කරුණු වශයෙන් විස්තර කරනු ලැබේ . මම ඉදිරිපත් කරන කරුණු තමන්ගේ තොරතුරු මෙන් ඉදිරිපත් කරමින් මුදල් ගරමින් වංචා සිදු කරන ඒජන්සි /පුද්ගලයන්ට නොරැවටෙන්න. මම කිසිම ඒජන්සියක් හෝ ඉතාලි තානාපති කාර්යාලයේ හෝ පුද්ගලයෙක් වෙනුවෙන් වැඩ කරන අයෙකු නොවන අතර මමත් මා විසින්ම සොයාගත් කරුණු මත ඉතාලියේ විශ්වවිද්‍යාලයකට අයදුම් කර එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගත් නිසාවෙන් ඒ දන්නා කරුණු සමාජ මෙහෙවරක් ලෙස ඔබට අවශ්‍ය මොහොතේ ලබාදීම මාගේ සමාජ වගකීමක් සහ යුතුකමක් ලෙස සැලකීම නිසාවෙනි .
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) හොදින් සමත්නම් හෝ අවුරුදු 3 හෝ 4 පළමු උපාධිය (Bachelor’s degree) සම්පුර්ණ කර ඇත්නම් , ඉතාලියේ විශ්ව විද්‍යාල වල පළමු උපාධිය (Bachelor’s degree) හෝ පශ්චාත් උපාධිය ( Postgraduate/Master’s degree ) ඉංග්‍රීසි භාෂාවෙන් ඉතාමත් අඩු මුදලකට ( scholarships available on Merit basis for international students ) හැදෑරීමට හැකියාව ඇත . පළමු උපාධිය ඉංග්‍රීසි භාෂාවෙන් හදාරා ඇතිනම් IELTS අත්‍යවශ්‍ය නොවේ . පහත විශ්වවිද්‍යාලවල එම උපාධි හැදෑරිය හැක . ශිෂ්‍ය වීසා (Student Visa) ලබාගැනීමේදී ඉතාලියේ සිටින ( තම පවුලේ කෙනෙක් හෝ ලේ නෑදෑයෙක් ) financial sponsor for food & accommodation හැටියට ( ඔවුන්ගේ ඉතාලියේ අදායම් සහ ඉතිරි කිරීම් පෙන්විය යුතු වේ )සිටීම වීසා ලබා ගැනීමට මුලික කරුණක් වේ . එසේ නොමැතිනම් ශ්‍රී ලංකාවේ විශාල ලෙස අදායම් පෙන්විය යුතුය.( 1 year course duration -money proof - Euro 6,079.45)
පහත ලින්ක් වලින් ගොස් ඉතාලියේ විශ්ව විද්‍යාල වල පාඨමාලා විෂයන් කරුණු සහ අයදුම් කරන ආකාරයක බලන්න. මේ සම්බන්ධ නොදන්නා දෙයක් ඇත්නම් දැන ගැනීමට උපකාර කල හැක
අයදුම් කල පසු විශ්ව විද්‍යාලය විසින් ඔබේ පළමු උපාධිය සහ අනෙකුත් විභාහ සහතික (O/L &A/L) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය හරහා “ Dichiarazione di Valore “” declaration of Value “ ලබාගැනීමට කටයුතු කරන අතර ඒ සදහා ඉක්මන් සහය ඉතාලි තානාපති කාර්යාල ලබා දේ
University Of Milan
University of Bicocca - Milan
University of Cattolica - Milan
University Of Bergamo - Bergamo
University of Torino - Turin /Torino
University of Pisa - Pisa
University of Trieste - Trieste
University of Palermo
University of Bologna - Bologna