සෑම නිවසකම තිබිය යුතු ප්‍රථමාධාර කට්ටලය
අප ජීවත්වන සෑම පරිසරයක් තුළම ඕනෑම වෙලාවක ඕනෑම අයෙකුට ඇති විය හැකි හදිසි අනතුරු හෝ රෝගී අවස්ථාවකට මුහුණ දීම සඳහා සෑම අයෙක්ම සූදානමින් සිටිය යුතුය. ප්‍රථමාධාර කට්ටලයක් සකසා පවත්වාගෙන යාම ඒ සදහා අත්‍යවශ්‍යය. ඕනෑම සේවාස්ථානයක, උද්‍යානයක, පාසලක, නිවසක, වාහනයක මෙන්ම බෝට්ටුවක පවා ප්‍රථමාධාර උපකරණ තිබීම අපගේ ආදරණීයන්ගේත්, සේවකයින්ගෙත්, දරුවන්ගේත්, වැඩිහිටියන්ගේත් ඇතුළු සෑම අයෙකුගේම ජීවිතාරක්ෂාවට ඉතා වැදගත් වේ.
+ පහසුවෙන් හඳුනාගත හැකි ජලය කාන්දු නොවන පෙට්ටියක්
+ ඇල්කොහොල් රහිත තුවාල පිසදැමුම් පෑඩ් 20 ක් (20 alcohol free wound cleaìing wipes)
+ බෙහෙත් ගල්වන ලද ඇලවෙන ප්ලාස්ටර් 20 ක් (20 adhesive plasters/dressings) (විවිධ ප්‍රමාණවලින් සහ හැඩයන්ගෙන් යුතු)
+ ජීවානුහරණය කරන ලද ගෝස් සැරහුම් පෑඩ් (කුඩා 06, මධ්‍යම 06, විශාල 02) (sterile gauze dressings)
+ වෙළුම් පටියක් සබැඳි ජීවානුහරණය කරන ලද සැරහුම් පෑඩ් 02 ක් (02 sterile dressing pads)
+ නෝමල් සේලයින් දියර බෝතලයක්
+ පොවිඩෝන් අයිඩීන් දියර
+ ජීවාණුහරණය කරන ලද කපු පුළුං බෝල
+ රෝල වෙළුම් පටි (අඟලක් පළලැති 02, අඟල් දෙකක් පළලැති 06, අඟල් හතරක් පළලැති 02)
+ ඇලෙන ටේප් 01 ක් (sticky/plaster tape)
+ ට්වීසර් එකක් (tweezer)
+ තුඩ රවුම් කතුරක්
+ කුඩා විදුලි පන්දමක්
+ වරක් භාවිතා කර ඉවත දැමිය හැකි ජීවානුහරණය කරන ලද අත්වැසුම්
+ ත්‍රිකෝණාකාර වෙළුම් පටි 06 ක්
+ ක්‍රේප් රෝල් වෙළුම් පටි 01 ක්
+ ආරක්ෂිත අයකටු 06 ක්
+ සිපරයකින් සපුරා වැසිය හැකි බෑග් හා ඉටි බෑග් කිහිපයක් (වෙන්වූ ශරීර අංග, වමනය ආදිය රෝහල වෙත ගෙන යාමට)
+ ක්ෂණික අයිස් ඇසුරුම (instant ice pack)
+ ඇස් සේදුම්කාරක සහ කුඩා බඳුන(eye wash solution and eye washer)
+ ජීවානුහරණය කරන ලද ඇස් ආවරණ 2 ක් (2 sterile eye pads)
+ උෂ්ණත්වමානයක් (ඩිජිටල් නම් වඩාත් උචිතය)
+ ප්‍රතිසජලන ද්‍රාවණ පැකට් 02 ක්
+ ග්ලූකෝස් පැකට් 01 ක්
+ ග්‍රයිප් මික්ස්චර්
+ අසමෝදගම් ස්ප්‍රීතු
+ කෘතිම ස්වසන මුව/මුඛ ආවරණ 01 ක් (Face shield or pocket mask)
+ මීතයිල් සැලිසිලේට් බාම් එකක්
+ පැරසිටමෝල් කාඩ්පතක් සහ පැරසිටමෝල් පැණිය (නිසි මාත්‍රාව යටතේ සහ ආසාත්මික නොවේ නම් ගත යුතුය)
+ ඇස්ප්‍රීන් කාඩ්පතක් (අවු. 16 ට අඩු ළමුන්ට හෝ ආසාත්මික වේ නම් නොදිය යුතුය)
+ කුඩා බ්ලැන්කට්ටුවක් (රෝගී ආවරණය කිරීමට)
+ ආහාර වසන පොලිතින් හෝ ඉටි කොළයක් (පිළිස්සුම් තුවාල ආවරණය කිරීමට)
+ විසිල් එකක්
+ යාවත්කාලීන වූ කුඩා ප්‍රථමාධාර අත්පොතක්
+ හදිසි දුරකථන අංක සමූහයක්
+ පෑනක් සහ සටහන් පොතක්