විශේෂ අවස්ථාවකට ගැලපෙන රසම රස කහබත් මෙනු එකක් 😋
1. ) කීරි සම්බා වලින් රයිස් කුකර් එකේ හැදූ කහබත්
2.)මාළු ඇඹුල් තියල්
3.)අල ස්ටීම් කරලා බොරේට හදලා
4.)ඇඹරැල්ලා මාළුව
5.)පොලොස්, කජු සහ කතුරුමුරුංගා කොල කූනිස්සො දාලා බැදුමක්
6.)කට්ලට්
7.)සලාද
රෙසිපි අවශ්‍ය අය වෙනුනේ..👇👇
1. රයිස් කුකර් එකේ හැදූ කහ බත්..🍚
මුලින්ම රයිස් කුකර් එකේ සාස්පාන රත් වෙන විට එයට තෙල් ටිකක් දමා තෙල් රත් වූ විට තලාගත් ඉඟුරු සුදුළුෑණු රම්පෙ කරපිංචා, එනසාල් ඇට තුන හතරක්, කරාබු නැටි කීපයක්, කුරුදු පොත්තක් සහ සිහින්ව ලියා ගත් රතුළුෑණු ගෙඩි දහයක් විතර දමා බැදෙන්න හරින්න..
ඒ සියල්ල බැදුනු පසු සෝදා ගත් සහල් ටික දමා තෙම්පරාදු වෙන්න දෙන්න.
ඊට පසුව බත ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර වෙනුවට පොල් කිරි එකතු කරන්න..
වතුර නොදා පොල් කිරෙන්ම ඉව්වම රස වැඩියි..
ඒවගේම සුවඳයි.
මේ සඳහා දියකිරි මිටිකිරි එකට එකතු කරලා ගන්න පුලුවන්..
දැන් කහ සහ ලුණු කුඩු ස්වල්පයක් දමා බත ඉදෙන්න හරින්න..
ටික වෙලාවක් යද්දි හොඳ සුවඳක් එනවා මුුළු ගේ පුරාම.. හදලා තියෙන අය දන්නවනෙ ඉතිං නේද? බත ඉදුනු පසු ලස්සනට සරසලා පිලිගන්වන්න..
මං බැද ගත් කතුරුමුරුංගා කොලත් උඩින් දැම්මා.
කහ පාට බත් එකට කොලපාට මික්ස් වුණාම ලස්සන නිසා.
2. මාළු ඇඹුල් තියල් 🐬
කටු නැති මාළු ටිකක් ලොකුවට කපලා සෝදලා දිය බේරෙන්න තියන්න..
ගොරකා, ගම්මිරිස් ටිකක් වැඩිපුර ඕනි,, ඒ ටිකටම සුදුළුෑණු, ලුණු, කුරුදු, එනසාල් , කරඹු නැටි පොඩ්ඩකුත් දාලා හොඳින් අඹරා ගන්න..
මේක ගලේ අඹරනවා නම් ගලේ ඇලුන ටික සෝදලා ගන්න වතුර ටිකට මික්ස් කර ගන්න..
නැත්නම් බ්ලෙන්ඩරේ සෝදන වතුර ටික හරි කමක් නැහැ..
දැන් තරමක් දියාරු මිශ්‍රනයක් තියෙනවා නේද.. වියලි මැටි ඇතිලියක් ගන්න..
අඩියට රම්පා හෝ කෙසෙල් කොල දාලා කවර් කර ගන්න..
දැන් මාළු කැබැලි එකින් එක හදා ගත්තු මිශ්‍රණයේ තවරලා හට්ටියේ අතුරන්න..
එක උඩ තියන්න එපා..🚫
පැතලි වළදක් මං ගත්තෙ..
දැන් හොදින් වැහෙන පියනකින් ඇතිලිය වහලා ලා ගින්දරේ පිස ගන්න..
දර ලිපේ ඉව්වම රසයි.. පොල් ලෙලි වල රස්නෙ විතරක් ඇති.. නැත්නම් අඟුරු වල රස්නෙන් උයා ගන්න..
වතුර ගතිය නැතුව වියළි ගතිය ආවම ලිපෙන් බාගන්න..
හෙට කනවා නම් අද රෑ හදලා ලිප උඩම තියෙන්න අරින්න.. උදේට හොද පදම ඇවිත් තියෙයි😋😋👌
3. අල ස්ටීම් කරලා බොරේට 🥔
පොතු ඇර ගත් ලොකු අල නම් හතරට කපලා පොඩි අල නම් දෙකට කපා ගන්න.
හොදින් තැම්බෙන තුරු ස්ටීම් කරන්න..
දැන් උකු පොල් කිරි වලින් කිරි හොද්ද හදා ගන්න.. ගොඩක් හොදි තියන්න එපා. කිරි හොද්ද පැහෙන කොට ස්ටීම් කර ගත් අල ටික දාන්න..
විනාඩි දෙකක් ලිපේ තියලා බාගන්න.. දැන් හොද්ද ගොඩක් උකුවට ඇවිත් ඇති...
සාමාන්‍ය අල කිරි හොදි වලට වඩා රස වෙනස්.. බත් පාර්සල් වලට වුණත් තිියන්න පුළුවන් නරක් වෙන්නෑ..
4. ඇඹරැල්ලා මාළුව 🫒
ඇඹරැල්ලා ටික පොතු අරලා ලොකුවට කපා ගන්න..
ඒ ඇඹරැල්ලා ටිකට බැදපු තුනපහ, කහ, ලුණු, කුරුදු, එනසාල්, කරාබු, උළුහාල් එකතු කරලා කලවම් කරලා තියා ගන්න.
මැටි වලඳක් ලිපේ තියලා( මං නම් අඹ, ඇඹරැල්ලා, පොලොස්, මස්, මාළු උයන්නෙ දර ලිපේ මද ගින්නෙ)
තෙල් ටිකක් දාලා තලා ගත් ඉඟුරු සුදුළුෑණු රම්පෙ කරපිංචා ට්ක දාන්න..
ලොකු ළුෑණු ගෙඩියකුත් කපලා දාන්න..ඒ ටික බැදෙන කොට මිරිස් කුඩුත් තෙලටම එකතු කරලා බැදුම් පාට එද්දි පහේ යොදපු ඇඹරැල්ලා ටික එකතු කරලා කලවම් කරන්න.. වතුර අඩු කෝප්පයක් දාලා වහලා තියන්න..
ඇඹරැල්ලා ටික තැම්බෙද්දි වතුර ගතිය අඩු වෙනවා. එතකොට පොල් කිරි අඩු කෝප්පයක් එකතු කරන්න..
මද ගින්නෙ ඉදෙන විට සීනි ටිකක් දාලා පරිස්සමින් කලවම් කරන්න.. නැත්නම් ඇඹරැල්ලා කෑලි ටික දියවෙලා යනවා..
මං නම් කොච්චි කරල් දෙක තුනකුත් දැම්මා.. පැණි රස, ඇඹුල් රස, දැවිල්ල තුනම එකට එද්දි ඇඹරැල්ලා මාළුව මරු.. 😋👌
අඹ මාළුව හදන්නෙත් මෙහෙමයි මං නම්..
5. පොලොස් කජු බැදුම 😋👌
මේක හදන්න පොලොස්, කජු මද ටිකක්, කතුරුමුරුංගා කොල ටිකක් හා කූණිස්සො ටිකක් ඕනි.. මුලින්ම පොලොස් තම්බලා සිහින්ව කපා ගන්න..
දැන් එක එක වෙන වෙනම ගැඹුරු තෙලේ බැද ගමු. මුලින්ම කජු ටික,, පස්සෙ පොලොස් ටික,, ඊට පස්සෙ කූණිස්සො ටික.. අවසානෙට කතුරුමුරුංගා කොල ටික බැද ගන්න..
කතුරුමුරුංගා කොල බදින කොට තාච්චියේ තෙල් අඩු වෙනවා..
දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තලා ගත් ඉඟුරු සුදුළුෑණු කරපිංචා දාලා බැදෙන විට කෑලි මිරි
6. සලාද 🥗
සලාද තමන්ට කැමති විදියට හදා ගන්න..
මං නම් සාමාන්‍යයෙන් සලාද වලට සැර එකතු කරන්නෑ.. ගම්මිරිස් අමු මිරිස් වගේ.. කෑමට ළං වෙලා ලුණු චුට්ටක් සහ දෙහි ඉස්ම ටිකක් විතරක් ඉහිනවා උඩින්.. සලාදෙන් එන්න ඕනි ස්වභාවික රස එන්නෙ එතකොට තමයි..
මං සලාදය සඳහා ගත්තෙ කොල පාට සහ සුදු පාට පිපිඤ්ඤා, තක්කාලි, ළුෑණු,
කට්ලට්
කට්ලට් වලට මං අර්තාපල් වගේම කිරි අලත් දානවා.. රසයි එතකොට.. සැමන් වෙනුවට කටු නැති මාළු දාන්නෙ..
දැන් තියෙන සැමන් රස නැහැනේ.. වතුර ගතිය වැඩියි.. පුළුන් වගේ.. මාළු වලින් හොද රසක් ගන්න පුළුවන්.. ඒවගේම බැටර් එකට කෝන් පිටි ටිකක් දාන්න..
ක්‍රිස්පි ගතිය තියෙනවා වැඩි වෙලාවක්..