ඉන්දියන් මුරුක්කු රෙසපියක්
දමිළ ජනතාවගෙ උත්සව වල වරදින්නෙ නැති දේවල්නෙ ඉතිං මුරුක්කු, පකෝරා , වඩේ වගේ ස්නැක්ස් වර්ග මේ රිබන් මුරුක්කුත් හරි ජනප්‍රියතම ස්නැක්ස් එකක් diwali වලටත් අනිවාර්යයෙන් හදන මුරුක්කු වර්ගයක් තමයි මේ .
diwali pakora කියලත් කියනවා මේවට , මසාලා රසට ,සුදුලූණු රසට වගේ විවිධ රසයන් වලට එයාලා මේ මුරුක්කු හදනවා.
හාල්පිටි , කඩල පිටි, කඩල පරිප්පු පිටි, කුරක්කන් පිටි මේ හැම වර්ගයෙන්ම මේ මුරුක්කු හදනවා. දැන් අපි මේ රසවත් crispy Ribbon pakora හදන හැටි බලමු .
අවශ්‍ය දේවල්
හාල්පිටි cup 4
කඩල පිටි cup 1
(රෝස්ට් කර කුඩු කරපු )
වතුර කප් 3
ලුණු කුඩු tsp 3
මිරිස් කුඩු tsp 2
සුදු තල ඇට tsp 2
රත් කරගත් තෙල් tbsp 4
වෙනම බැදීමට තෙල් අවශ්‍ය වෙනවා.
සාදන ආකාරය
හාල්පිටි ටික Bowl එකකට දාගන්න.
වතුර කප් තුන ළිපේ තියන්න. ලුණු ටිකත් දාන්න. වතුර උතුරන්න දෙන්න.
වතුර හොඳින් උතුරද්දි වතුර ටික හාල් පිටි වලට දාන්න හැන්දකින් පරිස්සමෙන් Mix කරන්න
🚫 නටන වතුර නිසා දැම්මම අත දාලා Mix කරන්න යන්න එපා අත පිච්චෙයි .
ටිකක් වෙලා Mix කලාට පස්සෙ කඩල පිටි ටිකයි මිරිස් කුඩු ටිකයි, තල ඇට ටිකයි, දාන්න , තෙල් ටික ළිපේ තියලා රත්කර පිටි මිශ්‍රණයට දාන්න.
හැන්ඳකින්ම Mix කරන්න .
රස්නෙ ගතිය අඩුවුනාම අත පාවිච්චි කරලා හොඳින් අනන්න.
මෘදු ඩෝ එකක් එනතුරු හොඳින් knead කරන්න .
දැන් මුරුක්කු වංගෙඩිය ගෙන ඇතුත් පැත්තට තෙල් ටිකක් ගාගන්න.
පිටි ඩෝ එකෙන් ටිකක් සිලින්ඩර ආකාරයට හදාගෙන මුරුක්කු වංගෙඩිය ඇතුලට දාලා වංගෙඩිය හොඳින් සකසාගෙන රත් වූ තෙල් තාච්චියටම මිරිකා ගන්න.
මුරුක්කු හොඳින් බැදුනම තෙල් වල බුබුළු දාන එක ක්‍රමයෙන් අඩු වෙලා තෙල් පැහැදිළි වෙනවා.
දෙපාත්තම හරවා බැද ගන්න හොඳින් golden පාටක් එද්දි තෙලෙන් ඉවත් කර ටිෂු පේපර් එකක් මතට දමන්න .
දාලා තියෙන පින්තූර ටික බලන්න එතකොට ඔයාලට වඩාත් පැහැදිළි වෙයි කියලා හිතනවා.
ඔයාට මේ මුරුක්කු සුදුලූණු රසට හදා ගන්න ඕනනම් මිරිස් කුඩු නොදා, සුදුලූණු කුඩු හැන්ඳක් , ගම්බිරිස් කුඩු හැන්ඳක් , කරපිංචා කුඩු ටිකක් එකතු කර ගන්න පුළුවන්.