AI තාක්ෂණය නිසා අවධානමට ලක්ව ඇති රැකියා,
අද අපි කතා කරමු AI තාක්ෂණය නිසා අනාගතයේදී වෙනස් වීමට යන රැකියා ගැන. අපි තාක්ෂණයේ දියුණුව එක්ක ඉදිරියට යා යුතු වුවත්, එය අපේ රැකියා ලෝකයට ගෙන එන අභියෝග ගැනත් අවබෝධයෙන් සිටීම වැදගත්.
අවදානමට ලක්විය හැකි රැකියා:
1. ඇඳුම් හා වියන කර්මාන්තයේ රැකියා - AI සහ robotics මගින් mass production වල නිරත වීමේ හැකියාවක් ඇත..
2. ගණකාධිකාරී සහ පරිපාලන සහායක රැකියා - data entry, ගණනය කිරීම, වාර්තා සැකසීම වැනි routine tasks AI විසින් automatic කළ හැකියි.
3. ග්‍රැෆික් නිර්මාණකරුවන් - AI image generators හරහා දැන් සිංහල අකුරු පවා design කිරීමට හැකියාවක් ඇත.
4. Call center operators - chatbots සහ AI assistants දැනටමත් බොහෝ customer service functions භාර ගනිමින් සිටී.
5. Translation සේවා - AI translators දැන් සිංහල-ඉංග්‍රීසි පරිවර්තනය ඉතා හොඳින් කරමින් පවතී
6. මාධ්‍ය හා වාර්තාකරණය - AI තාක්ෂණයට news articles සහ content ලියන්න පුළුවන්, පුවත් සාරාංශ කරන්න පුළුවන්.
7. රියදුරු රැකියා - self-driving vehicles නිසා ටැක්සි, බස්, ලොරි රියදුරන්ගේ අනාගතය අවිනිශ්චිතයි. මෙම තාක්ෂණය දැනට ඇමරිකාවේ ක්‍රියාත්මකයි.
8. ඖෂධවේදීන් - AI systems මගින් prescription errors අඩු කරමින්, medication dosages නිර්දේශ කරමින් ඇත. නමුත් මේ දක්වා එයට විශාල පිළිගැනීමක් නොමැත. ඉදිරි දශකයේ එය හොදින් ක්‍රියාත්මක විය හැක
9. බැංකු සේවකයින් - digital banking සහ AI powered financial services නිසා traditional banking roles අඩු වීම.
10. Insurance claims processors - AI algorithms මගින් claims assess කිරීම සහ risk profiles generate කිරීම සිදු කෙරේ.
11. Legal assistants - AI මගින් document review, legal research සහ contract analysis වැනි දේ කරන්න පුළුවන්.
12. ආරක්ෂක සේවකයින් - surveillance cameras, AI powered security systems සහ drones මගින් security monitoring වැඩි දියුණු කර ඇත.
මතක තබා ගන්න, AI යනු අප වෙනුවෙන් සේවය කරන මෙවලමක් මිස අපව ප්‍රතිස්ථාපනය කරන යන්ත්‍රයක් නොවේ. Technology change එක්ක adapt වෙන්න ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි.