ගෘහණියන්ට වැදගත් කරුණු කිහිපයක්...
බලන්නකෝ කුස්සියේදී මේ දෙවල් කොතෙක් දුරට ඔයාලට ඕනෙ වෙවිද කියලා...
• ඔයාලට හරිම කරදරයක් නේද සීනි බෝතලේට කූඹි එන එක... ඔන්න එහෙනම් යාලුවනේ සීනි බෝතලේට කරාඹු නැටි කීපයක් දාල බලන්නකෝ කූඹි එන එක නවතින හැටි...
• තවත් කරදරයක් තමයි ළූණු කපන කොට ඇස් දැවිල්ලයි, කදුළුයි එන එක... ඒක නවත්තගන්නනම් විනාඩි 15ක පමණ කාලයක් අධිශීතකරණයක ළූණු ගෙඩි තියල අරගන කපල බලන්නකෝ...
• ඔයාල නිතරම පාවිච්චි කරන බ්ලෙන්ඩර් එකේ මුවහත නැතිවෙලානම්, ලුණු කුඩු තරමක ප්‍රමානයක් දාලා විනාඩි 2ක් පමණ ක්‍රියාකරල තියන්න... මුවහත නැවත ඇතිවෙනවා...
• මාළු මිරිස් කපද්දි අත් දනවනම්, කපන්න කලින්ම අත්වල පොල්තෙල් ටිකක් තවරගන බලන්නනකෝ...
• තවත් අමාරු දෙයක් තමයි උම්බලකඩ කුඩුකර ගන්න එක... අධිශීතකරණයේ දවසක් විතර තියල අරගන කුඩුකරල බලන්නකෝ, වැඩේ පහසුයි නේද කියලා...
• සමහර කාලවලට පොල්තෙල් මිදෙන එකත් හදිස්සියේ උයන්න ගියහම වදයක් වෙනවනේ... ඒක වලක්වගන්නනම් එඩරු තෙල් බිංදු කීපයක් එකතුකරල තියල බලන්නකෝ...
• පාන් කපන්න ගියහම ලස්සනට කපාගන්නත් බෑ, කුඩු හැලෙන එක නවත්තන්නත් බෑ... ඔන්න ඒදේට විසදුම තමයි පාන් කපන්න ගන්න පිහිය නටන උණුවතුරට දාලා රත් උනහම රස්නෙ යන්න කලින්ම ඉක්මනින්ම වතුර ඉවත්වෙන්න රෙදි කැබැල්ලකින් පිහදාල අරගන කපාගන්න එක...
• ඒවගේම කරවල වර්ග, හාල්මැස්සො කාලයක් තියාගන්න අමාරුයි, තෙත් වෙනවා,පුස් කනවා... හැබැයි ප්ලාස්ටික් පෙට්ටියක දාලා, අධිශීතකරණයක තියල ඕනෙ වෙන වෙලාවට, ඕනේ ටික අරගන බලන්න, කාලයක් කිසිම වෙනසක් නැතිව තියාගන්න පුලුවන්...
• බිතර දාලා හදන සමහර කෑම වලින් පිළී ගද එනවා... ඒකටනම් කරන්න ඕනේ, බිතර කෑම වලට එකතු කරගන්න කලින් කහමදය අසලම තියෙන සුදු පාට නූලක් වගේ කොටස ඉවත්කරලම භාවිතයට ගන්න එක...
• පොල් ගානවිට කෑලි කැඩෙනව නේද යාලුවනේ.... අන්න ඒක වලක්වගන්නනම් මොකද දන්නවද කරන්න ඕනේ... ලෙලි ගහපු පොල් ගෙඩිය වතුර භාජනයක දාලා, ඇස් තුන තියන පැත්තෙන් එක හිලක් සිදුරුකරලා, ඇතුලෙ තියන වාතය පිටවෙන්න ඉඩ දීලා ටික වෙලාවකට පස්සේ අරගන ගාලා බන්නකෝ...
• බටු ගැඹුරු තෙලේ බදිනවනම්, මෘදුව, රසට, බැද ගන්නනම් තෙල් වලට විනාකිරි බිංදු කීපයක් එකතු කරල බලන්න පුලුවන්...
• බණ්ඩක්කා ව්‍යාංජනයේ සෙවල ගතියට අකමැති අය ඉන්නවනම් ගොරක කැබැල්ලක් දාලා උයන්න...
• මස් වල ඝනකම අඩු කර ගන්නනම් ගස්ලබු කෑල්ලක් අතුල්ලලා බලන්නකෝ...
• බත් මුල් බැදලා අරගන යද්දි නරක්වෙන එක වලක්ව ගන්නනම් විනාකිරි හරි, දෙහි හරි, බිංදු කීපයක් මිශ්‍ර කරන්න... බත් නරක්වෙන එක ප්‍රමාද වෙනවා වගේම බෙරි වෙන එකත් අඩුවෙනවා...
• අධිශීතකරණයේ තිබිලා ගන්න මස් වල අයිස් ඉක්මනින් දිය කර ගන්නනම් පොල් වතුරෙ දාන්න පුලුවන්...
• උයද්දි ව්‍යාංජනයකට ලුණු වැඩි උනොත් ඔයාල හැමෝම දන්නවනේ කරන්න ඕනේ දේ... අල පෙති කීපයක් එකතුකරන්න...
• පොල් ගෙඩියක් බිදලා එක බෑවක් විතරනම් අපිට ඕනෙ වෙන්නේ, ඉස්සෙල්ලම ඇස් තුන තියන පොල් බෑව පාවිච්චියට ගන්න... මොකද ඉක්මනින්ම නරක් වෙන්නෙ මේ ඇස් තුන තියන පොල් බෑවයි...
• අල තම්බද්දි පැලෙන එක වලක්ව ගන්නනම් ලුණු හරි විනාකිරි හරි ටිකක් දාල ත්ම්බන්න...
• නූඩ්ල්ස් තම්බපුවහම ඇලෙන ගතිය හුගක් වැඩිනම්, තම්බපු නූඩ්ල්ස් පෙරාගන්න දාපු හිල් සහිත භාජනය ටැප් එකට කෙලින්ම අල්ලන්න, ඇලෙන ගතිය නැතිවේවි...
• කරපිංචා කල්තබා ගන්න අපහසුයි, කොල හැලිලා කලු වෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ, කොල වෙන්කරලා ප්ලාස්ටික් භාජනයක දාලා ශීතකරණයේ තියන්න, වැඩිකාලයක් තියාගන්න පුලුවන්...
• සලාද කොල කල්තබාගන්න නම් ටිෂූ කඩදාසි වල ඔතලා ශීතකරණයේ තියන්න ඕනේ...
• මස්, මාළු වර්ග ඇල්ලුවහම අතේ තියන පිළී ගද අයින් කරගන්න, ඉස්සෙල්ලම සබන්වලින් හෝදලා දෙහි ලෙල්ලක් අතේ අතුල්ලන්න...
• සුදු ළූණු පොතු ගලවන්න ලේසි වෙන්නනම් ඇල් වතුරට දාලා ගන්න ඕනේ...
• තක්කාලි ගෙඩිවල පොතු ගලවගන්න ඕනෙ උනොත් උතුරන වතුරටදාලා තියලා විනාඩියකට විතර පස්සේ ගලවල බලන්නකෝ, පහසුවෙන්ම පොත්ත ඉවත් වෙනවා...
• කෙසෙල් මුව වල තිත්ත ඉවත් කරන්න නම් ලුණු, දෙහි ඇඹුල් දාල තියන්න. එතකොට සුදු පෙන එනවා. ඒ පෙන ඉවත්කර සොදා උයන්න පුලුවන්...
• බිත්තර තම්බද්දි විනාකිරි හරි ලුණු හරි ටිකක් දාල තම්බන්න. පහසුවෙන් කට්ට ඉවත් කරගන්න හැකියි...
• කරවිල වල තිත්ත ගතියට අකමැති නම් පොල් වතුරෙන් තම්බල අරගන උයල බලන්නකෝ...
• පිහියක තැවරුන කොහොල්ලෑ පහසුවෙන් ඉවත්කර ගන්න නම් පිහිය ලිපට අල්ලල රත්වෙනකොට, දියවෙන කොහොල්ලෑ රෙදි කෑල්ලකින් පිහදාගන්න පුලුවන්...