https://web.facebook.com/share/p/184HncWvRB/
රසවත් පුඩින් වර්ග හතක රෙසිපි
කටට රසට කන්න කැමති අයට රසම රසට පැණි බේරෙන, කිරි රසට ආදී මෙකී නොකී හැම විදියටම හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි ටිකක් ගෙනාවා ඔන්න. ලේසි ද්‍රව්‍ය ටිකක් අරගෙන ඉක්මනින්ම හදාගන්න පුළුවන් මේ හැම රෙසිපි එකක්ම. ට්‍රයි කරලා බලන්නකො එහෙනම්…
1. ෆෘට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප 3
ජෙලටින් තේ හැඳි 4
විපින් ක්‍රීම් කෝප්ප 1
වැනිලා තේ හැන්දක් පමණ
ස්ට්‍රෝබෙරි කැබලි, අන්නාසි කැබලි, බ්ලූබෙරි, ප්ලම්ස්, ඇපල්, මිදි
මුලින්ම ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න.
කිරි ටිකට වැනිලා එකතු කරලා ඒකට බීට් කරගත් විපින් ක්‍රීම් එකතු කරගන්න.
දැන් මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න.
හොඳට සෙට් උනාම උඩින් පලතුරු කෑලි ටික දාලා ලස්සනට සරසගන්න.
2. පාන් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
වාටි ඉවත් කළ පාන් පෙති ටිකක්
කිරි කෝප්ප 4
බිත්තර 4
සීනි
වැනිලා
ඩ්‍රෙසින් එකට කජු හා ප්ලම්ස්
මුලින්ම සීනි, බිත්තර සහ කිරි බීට් කරගන්න.
ඒකට සාමාන්‍ය සයිස් කෑලි කඩාගත් පාන් එකතු කරන්න.
ඒකට වැනිලා එක්කරගන්න.
කිරි එකතු කළාම පාන් වලට උඩින් කිරි එන්න ඕනේ. ඒක තමා හරි විදිය.
දැන් කජු හා ප්ලම්ස් උඩින් දාලා අංශක 180°ට විනාඩි 20ක් විතර බේක් කරගන්න.
3. කැරමල් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප 2 1/4
බිත්තර 4
සීනි මේසහැඳි 6
සුවඳ කුඩු ටිකක්
වැනිලා තේ හැන්දක්
කැරමල් එක සඳහා සීනි මේස හැඳි 5ක්
මුලින්ම භාජනයක් ලිප තියලා සීනි මේසභැඳි 5ක් දාලා කැරමල් එක හදාගන්න.
ඒ කැරමල් ටික පුඩින් හදන භාජනේ අඩියට දාගන්න.
ඊට පස්සෙ භාජනයකට කිරි ටික දාලා, බිත්තර, සුවඳ කුඩු හා සීනි කලවම් කරලා විස්ක් කරගන්න. නැත්තන් බ්ලෙන්ඩ් කරගන්න
මේක කැරමල් දාපු භාජනයට දාලා විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න.
නැත්තන් අංශක 180°ට රත්කළ අවන් එකේ විනාඩි 30ක් බේක් කරගන්න.
4. ජෙලි පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
පාට තුනකින් ජෙලි පැකට්
මිල්ක්මේඩ් 390 ml
ජෙලටින් තේ හැඳි 6
සීනි රස අනුව
ජෙලි පැකට් 3 වෙන වෙනම හදාගන්න. හැබැයි වෙනදා හදනකොට දාන වතුර ප්‍රමාණෙට වඩා කෝප්පයක් අඩුවෙන් හදාගන්න. ඒ කියන්නෙ පැකට් එකකට වතුර කෝප්ප 2ක් වගේ.
ඒ වගේ ඝනට හදාගත්තු ජෙලි ෆ්‍රිජ් එකේ දාන්න.
දැන් බෝල් එකක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න.
ඒකෙන්ම වතුර කෝප්පයක් අරන් ඒකත් කලවම් කරන්න.
ජෙලටින් ටික ඩබල් බොයිල් කරලා කැටි නොගැහෙන්න කලවම් කරලා මේ කිරි එකට එකතු කරන්න. ඊටපස්සෙ ඔක්කොම කලවම් කරන්න.
දැන් ෆ්‍රිජ් එකේ දාපු ජෙලි ට්‍රේස් එලියට අරන් කොටුවට ජෙලි කෑලි කපාගන්න.
බටර් ගාගත් භාජනයකට ජෙලි කෑලි ලස්සනට අතුරලා ඊට උඩින් අර කිරි එක වක්කරලා ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.
5. මාරි බිස්කට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් 200g පැකට් එකක්
කිරි ටිකක්
බටර් 50g
අයිසින් ෂුගර් 200g
චොක්ලට් පව්ඩර් මේස හැදි 2 ක් පමණ
මුලින්ම බෝල් එකක් ගන්න. බිස්කට් එකින් එක අරන් කිරි වල පොඟවලා බෝල් එකේ ඇතුළතින් එක ලේයර් එකක් අතුරගන්න.
ඊට පස්සෙ බටර්, අයිසින් ෂුගර්, චොක්ලට් පවුඩර් එකතු කරලා චොක්ලට් බටර් අයිසින් එක හදාගන්න.
ඉන්පසු අර බිස්කට් ලේයර් එකට උඩින් අයිසින් ලේයර් එකක් අතුරගන්න.
ඊට පස්සෙ ආයෙ කිරි වල පොඟවපු බිස්කට් ලේයර් එකක් දාගන්න.
ආයෙත් අයිසින් ලේයර් එකක් දාගන්න. ඒ වගෙ බෝල් එක පිරෙන්නම ලේයර්ස් දාගන්න.
අන්තිමට චොක්ලට් අයිසින් ගාගෙන ලන්ච් ශීට් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න.
කූල් උනාට පස්සෙ එළියට අරන් ලා රස්නෙ වතුර භාජනේක ටිකක් වෙලා දාගෙන ඉඳලා අනික් පැත්ත හරවන්න.
6. බනානා පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
ඇම්බුන් වගේ කෙසෙල් ගෙඩි ටිකක්
සීනි මේස හැඳි 4ක්
දෙහි යුෂ ස්වල්පයක්
බනානා එසන්ස්
ජෙලටින් තේ හැඳි 3ක්
කහපාට කලරින්
විපින් ක්‍රීම්
මුලින්ම ඇම්බුන් ගෙඩි ටික පෙති කපලා සීනි හා දෙහි යුෂ දාලා රත්කරලා ටිකක් ස්ටූ කරගන්න.
ජෙලටින් තේ හැඳි 2ක් ඩබල් බොයිල් කරලා වතුර කෝප්ප බාගෙකට දාලා ඒකට බනානා එසන්ස් හා කහපාට කලරින් දාලා ජෙලි එකක් ගෙදරම හදාගන්න.
දැන් මේකට ස්ටූ කරගත්තු කෙසෙල් ටික දාගෙන ෆ්‍රිජ් එකේ දාන්න.
සෙට් උනාම එළියට අරන් විපින් ක්‍රීම් බීට් කර නොසල් එකකින් ඩ්‍රෙස් කරගන්න.
7. චොක්ලට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප 3
ජෙලටින් තේ හැඳි 5
බිත්තර 3
චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
සීනි
වැනිලා තේ හැඳි 2
මුලින්ම බිත්තර කහමද වලට සීනි එකතු කර ටිකක් බීට් කරගන්න. ඒකට කිරි ටික දාලා ලිපේ තියන්න.
ඒක උතුරනකොට චොක්ලට් පව්ඩර් දාලා කලවම් කරන්න.
ඉන්පසු ලිපෙන් බාගන්න.
ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කැටි නොගැහෙන්න හොඳට හැඳිගාන්න. මේකට වැනිලා ටිකකුත් එකතු කරන්න.
බිත්තර සුදු මද ටික හිම වගේ ඝන වෙනකල් බීට් කරගන්න.
සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න.
මේක ෆ්‍රිජ් එකේ දාලා උඩින් චොක්ලට් ග්‍රේට් කරලා ඩ්‍රෙස් කරගන්න.
උපුටා ගැනීම life .lk වෙතින්
ʀ ᴇ ᴄ ɪ ᴘ ᴇ 📖️ වටලප්පං / පුඩින්
අද අපි වටලප්පන් සහ පුඩින් වර්ග 3ක් ගැන දැනගනිමු...වටලප්පන් ගැන දැනුවත් වෙන්න ඕනි සියලු කරුණු සමග..
1.Watalappan (පැණි සහ සීනි රෙසිපි එකත් ලියා තිබේ )
2.brownish pudding
3.date pudding
4.milk pudding (no egg)
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
1.වටලප්පන්
👨🍳 හරියටම රෙසිපි එකට වටලප්පන් හදාද්දී එයට පාවිච්චි කරන්නේ උකු පොල් කිරි.පොල් කිරි දිය ගතියට වැඩි නම් වටලප්පන් එක හොඳට සෙට් වෙන්නෙ නෑ. හුඟක් වෙලා ස්ටීම් කරන්නත් වෙනව. කිරි මිරිකලා ෆ්‍රිජ් එකේ පැයක් විතර තියල වතුර ටික යටට බැස්සම උඩ එකතු වෙන පොල් ක්‍රීම් එක ගන්නත් පුළුවන්.(සාමානයෙන් හරි වටලප්පන් එකට පොල් කිරි දාන්න ඕනි. ඔබට ආදේශකයක් ලෙස fresh milk use කරන්න පුළුවන් )
👨🍳අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියලා ෆොයිල් එකකින් කවර් කරගෙන 180ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න. (අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා බේක් වෙන්න ගත වෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. විනාඩි 40කට පස්සෙ කූරක් වටලප්පමේ මැදට ගහල තෙත ගතියට එනවද නැද්ද බලන්න.
👨🍳ගොඩක් අය මට කියලා තියෙනවා වටලප්පන් එකේ හිල් ගතිය එන්නේ නැහැ කියලා ..හිල් ගතිය එන්න..මුලින්ම බිත්තර ටික වෙනම බීට් කරන්න.ගැරප්පුවෙන් හෝ බීටර් එකෙන් බිත්තර එක හොදට බීටර් කරන්න.. ලුණු පොඩ්ඩක් එකතු කරන්න බීටර් කරද්දී
👨🍳හොද තද පාට කිතුල් හකුරු ගන්න..හකුරු හොයාගන්න බැරි අයට කිතුල් පැණි හෝ දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් හරිම විදිහට වටලප්පන් හදාද්දී එයට භාවිතා කරන්නේ කිතුල් හකුරු..
👨🍳බිත්තර පිළී ගඳ නැති කරගන්න.. බිත්තරය කැඩුවම කහ මදය අයිනෙ තියෙන සුදුපාට ඝණ නූල වගේ කොටස ඉවත් කළාම පිළී ගඳක් එන්නෙ නෑ. බිත්තර ලොකු ප්‍රමාණයකින් හදනකොට එකින් එක ඉවත් කරන්න අපහසු නිසා වඩා පහසු බිත්තර ටික ගෑරප්පුවකින් යන්තම් ගසාගෙන ස්ටේන්ලස් ස්ටීල් දැල් පෙරනයකින් පෙරාගන්න..එවිට අර ඝණ කොටස පෙරනයේ ඉතිරි වෙනව.
👨🍳රයිස් කුකර් එකේ steam කරද්දී..එහි වතුර 1/5 වගේ දාන්න. Cooling rak එකක් හෝ පොඩි කප් එකක් වගේ එකක් තියන්න.. එහි වටලප්පන් එක තියන්න. රයිස් කුකර් එකේ කට හොදින් සිල් කරන්න.. රෙදි කැල්ලක් තියලා.රයිස් කුකර් එකේ වටලප්පන් හදාද්දී සෙරමික් බෝල් එකක steam කරන්න.. silver ගානකම් තැටියක ස්ටීම් කරොත් එය සෙට් වෙන්නේ නැහැ..
අවශ්‍ය ද්‍රව්‍ය🧉🧉
🌹හකුරු ග්‍රෑම් 250 (වෙනම හකුරු ග්‍රෑම් 50ක් )
🌹උකු මිටිකිරි මිලි ලීටර් 250 ක්
🌹බිත්තර 5 ක්
🌹ලුණු ස්වල්පයක් ක්
🌹එනසාල් 4 ක්
🌹තිබේනම් කජු ස්වල්පයක්
🌹පොඩියට කුඩු කරගත් වසාවාසි පොත්තක්
සාදන විදිහ👨🍳👨🍳
👨🍳මුලින්ම බෝල් එකක් එයට පොල් කිරි සහ හකුරු එකතු කර හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරලා පැත්තකින් තියන්න..
👨🍳දැන් බිත්තර ටික කඩලා බෝල් එකකට දාලා එයට ලුණු ස්වල්පයක් එකතු කර බීටරයකින් හෝ ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න.
👨🍳දැන් ගසාගත් බිත්තර වලට හකුරු සමග දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න.තව එයටම වසාවාසි කුඩු ටිකත් එකතු කරන්න.
👨🍳දැන් ඔබ ගන්න භාජනයේ අඩියට වෙනම අරන් තියාගත්ත හකුරු ටික අතුරන්න. ඉන්පසු වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන ඊට උඩින් එනසාල් ටිකක් තැනින් තැන දාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්.
👨🍳වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 30-40ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.
2. පැණි වටලප්පන් රෙසිපි 👇
කිතුල් පැණි 200ml
උකු පොල් කිරි 180ml
බිත්තර 4
කරදමුංගු කරල් 3
ලුණු චුට්ටක්
3. සීනි වටලප්පන් රෙසිපි 👇
දුඹුරු සීනි 225gram
උකු පොල් කිරි 160ml
බිත්තර 4
කරදමුංගු 3
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
2.Brownish pudding
අවශ්‍ය දේවල් 🧉
🌹all purpose flour කප් 1 ක්
🌹බේකින් පව්ඩර් තේ හැදි 2 ක්
🌹දුබුරු සීනි කප් 3/4 ක්
🌹කොකෝ පව්ඩර් මේස හැදි 2 ක්
🌹ලුණු තේ හැදි 1/8 ක්
🌹වැනිලා තේ හැදි 1 ක්
🌹දියකරගත් බටර් කප් 1/2 ක්
🌹ෆ්‍රෙෂ් මිල්ක් කප් 1/2 ක්
වෙනම
🌹දුබුරු සීනි කප් 1/2 ක්
🌹කොකෝ පව්ඩර් මේස හැදි 3 ක්
🌹කෝපි පව්ඩර් මේස හැදි 1 1/2 ක්
🌹වතුර කප් 1 1/2 ක්
සාදන විදිහ 👨🍳
👨🍳බෝල් එකක් අරගෙන එයට
🌸බටර්
🌸මිල්ක්
🌸වැනිලා දාලා කවලම් කර පැත්තකින් තියන්න..
👨🍳දැන් තව බෝල් එකක් අරගෙන එයට
🌸පිටි
🌸බේකින් පව්ඩර්
🌸ලුණු
🌸සීනි
🌸කොකෝ පව්ඩර් දාලා හොදින් කවලම් කරගන්න..
👨🍳ඉන්පසු එය මැද වලක් වගේ සාදා කලින් අපි මිශ්‍ර කරගත් බටර් මිශ්‍රණය දාලා whisk එකෙන් හොදින් කවලම් කරගන්න ක්‍රීම් වෙනකම් ..
👨🍳ඉන්පසු spachula එකෙන් මද වෙලාවක් ෆෝල්ඩ් කරගන්න..
👨🍳දැන් අගල් 8 සෙරමික් ට්‍රේ එකක් අරගෙන මෙය එයට දාලා හොදට අතුරාගෙන පැත්තකින් තියන්න..
👨🍳දැන් තව බෝල් එකක් අරගෙන එයට
🌸දුබුරු සීනි
🌸කොකෝ පව්ඩර් දාගෙන හොදට කවලම් කරගන්න..
👨🍳ඉන්පසු මෙය අපි කලින් ට්‍රේ එකට දාගෙන අතුරගත් ක්‍රීම් ඒක උඩින් දාගන්න මුළු ක්‍රීම් එකම වැහෙන්න දැන් එය පැත්තකින් තියාගන්න..
👨🍳දැන් සාමාන්‍ය ගින්දරේ බදුනක් ලිපේ තබා එයට
🌸වතුර සහ
🌸කෝපි දාගෙන හොදින් කවලම් කරගන්න කෝපි ටික හොදට දියවෙන්කම්.. දැන් එය සාමාන්‍ය රස්නෙන් තියෙද්දී ලිප ඔෆ් කරන්න..
👨🍳ඉන්පසු එයත් ට්‍රේ ඒක උඩින් දාගන්න.
👨🍳දැන් 180ට preheat කරගත් අවන් එකේ විනාඩි 40-50බේක් කරගන්න..
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
3.Date pudding
අවශ්‍ය දේවල් 🧉
🌹සුද්ද කර ඇට ඉවත් කර පොඩියට කපාගත් රට ඉදි ග්‍රෑම් 150 ක්.
🌹සෝඩා තේ හැදි 1/2 ක්.
🌹ලිපේ තබා උතුරාගත් ෆ්‍රෙෂ් මිල්ක් හෝ පිටි කිරි මිලි ලීටර් 200 ක්
🌹බටර් ග්‍රෑම් 62 ක්
🌹බිත්තර 1ක්
🌹බේකින් පව්ඩර් තේ හැදි 1/4ක්
🌹දුබුරු සීනි ග්‍රෑම් 70ක්
🌹පාන් පිටි ග්‍රෑම් 75ක්
🌹වැනිලා තේ හැදි 1/2ක්
සාදන විදිහ👨🍳
👨🍳බෝල් එකක් ගෙන එයට
🌸රට ඉදි
🌸සෝඩා
🌸මිල්ක් දාගෙන හොදට කවලම් කර විනාඩි 25-30 පැත්තකින් තියාගන්න..
👨🍳දැන් තව බෝල් එකක් අරගෙන එයට
🌸බටර් ටික දාගෙන මද වෙලාවක් බීටර් කරගන්න.. (බීටර් නැති නම් whisk එකෙන් කවලම් කරගන්න )
👨🍳ඉන්පසු එයටම
🌸සීනි ටිකත් දාගෙන බීටර් කරගන්න.
👨🍳දැන් ඒ ටික හොදට බීටර් උනාම එයට
🌸බිත්තරයත් දාලා හොදින් බීටර් කරගන්න .
👨🍳ඉන්පසු මෙයට
🌸වැනිලා
🌸හලාගත් පිටි
🌸බේකින් පව්ඩර්
🌸සෝඩා එකතු කරන්න ..
👨🍳ඉන්පසු එයට
🌸 රට ඉදි මිශ්‍රණය ටික ටික එකතු කරන ගමන් හොදින් බීටර් කරගන්න.
👨🍳දැන් රස්නෙට ඔරොත්තු දෙන සෙරමික් බෝල් එකක් ගෙන එහි බටර් ටිකක් ගාගන්න.. ඉන්පසු අපි හදාගත්ත මිශ්‍රණය දාලා උඩින් ෆොයිල් එකකින් කවර් කරගන්න..
👨🍳ඉන්පසු මෙය විනාඩි 60-75 ස්ටීම් කරගන්න.. ♥️♥️
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
4.Milk pudding
අවශ්‍ය දේවල් 🧉
🌹ෆ්‍රෙෂ් මිල්ක් කප් 6
🌹සීනි කප් 1/2ක්
🌹කිරි පිටි කප් 1/3ක්
🌹මිල්ක් මේඩ් කප් 1/2ක්
🌹වතුර සමග මිශ්‍ර කරගත් අගර් මේස හැදි 2ක් (අගර් නැති නම් ජෙලටින් ඒ වෙනුවට ගන්න )
🌹 ඔබට අවශ්‍ය නම් කලරින් දාගන්න පුළුවන්..
සාදන විදිහ👨🍳
👨🍳සාමාන්‍ය ගින්දරේ බදුනක් ලිපේ තබා එයට
🌸මිල්ක්
🌸සීනි
🌸කිරි පිටි එක් කර හොදින් කවලම් කරගන්න.
👨🍳දැන් එය බුබුළු දාගෙන උතුරගෙන එද්දී එයට
🌸මිල්ක් මේඩ් එක් කර හොදින් කවලම් කරගන්න. විනාඩි 5-7ක්
👨🍳දැන් මෙයට
🌸 මිශ්‍ර කරගත් අගර් ටික දාලා ඒ දේවල් හොදට මිශ්‍ර වෙනකම් කවලම් කරගන්න.
👨🍳ඉන්පසු ට්‍රේ එකක් අරගෙන බටර් ටිකක් ගලා එයට මෙම මිශ්‍රණය දාලා ශීතකරණයට දාන්න පැයක් පමණ... ♥️♥️
.
📷 ᴄ ʀ ᴇ ᴅ ɪ ᴛ ᴛ o ᴛ ʜ ᴇ
ʀ ᴇ s ᴘ ᴇ ᴄ ᴛ ɪ ᴠ ᴇ ᴏ ᴡ ɴ ᴇ ʀ
ʀ ᴇ ᴄ ɪ ᴘ ᴇ ᴄ ʀ ᴇ ᴅ ɪ ᴛ - Chef Sapumal Wijesinghe
https://web.facebook.com/share/p/1BU6qySH4k/