"ළමයින්ට දෙන්න හොඳම ඇප්ස් මොනවාද?"
"හොඳම දේ ළමයින්ට" දෙද්දී අලුත් ස්කිල්ස් ළමයින්ට පොඩි කාලෙම දෙන්න ඕනේ ඇයි කියලා මම කලින් කිව්වා නෙහ්.
මේ කියන්න හදන්නේ අවුරුදු 6 ක් වෙච්ච අපේ දුවට අපි මේ තාක් අලුතින් හදාගන්න පුරුදු කරපු ස්කිල්ස් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඇප්ස් ටික.
අපේ පූර්ණ අධීක්ෂණය යටතේ පේරන්ටල් ගයිඩ්, ස්ක්‍රීන්ටයිම් ලිමිට්ස් එක්ක තියෙන ඩිවයිස් එකක තමයි මේ දේවල් වෙන්නේ.
🌻 TinyTap
------------
අධ්‍යාපනය පැත්තෙන් ලොකු වර්ධනයක් ගන්න පුලුවන් ඇප් එකක් මේක.
Math, English, Science, Geography, History, Art, Music වගේ ලොකු රේන්ජ් එකක දේවල් ඉගෙන ගන්න තියෙන හොඳම ඇප් එකක්.
🌻 Khan Kids
---------------
මේක Khan Academy එකේ ඇප් එකක්.
Math, Logic, Reading, Letters, Books, Create, Videos වගේ ලොකු රේන්ජ් එකක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.
🌻 LingoKids
---------------
මේකත් ඉගෙන ගන්න හොඳම ඇප් එකක්.
Literacy, Math, English, Science, Engineering, Technology, Geography, History, Art, Music, Life Skills, Exercise, Community, Social Skills වගේ ලොකු රේන්ජ් එකක දේවල් ඉගෙන ගන්න තියෙන හොඳම ඇප් එකක්.
🌻 Hapan
----------
හෙළකුරු ඇප් එක හදපු Bhasha ආයතනයෙන් සිංහල අකුරු ලියන්න කියවන්නම නිර්මාණය කරපු ඇප් එකක් තමයි Hapan කියන්නේ.
🌻 Duolingo
---------
අලුත් භාෂාවන් ඉගෙන ගන්න තියෙන හොඳ ඇප් එකක්.
මුල ඉඳන්ම වචන ටිකක් හරි ලේසියෙන් ඉගෙන ගෙන දැනුම හදාගන්න පුලුවන් ඇප් එකක්.
🌻 Duolingo Math
---------------
පොඩි අයට ආසාවෙන් ගණන් හදන්න හුරු කරවන ඇප් එකක් මේක.
🌻 Scratch
------------
කම්පියුටර් ප්‍රොග්‍රැමින්/කෝඩින් වලට තියන්න පුලුවන් හොඳම මුල් පියවර තමයි මේක.
මූලිකම තැන ඉඳන් ඉගෙන ගන්න පුළුවන්.
🌻 Keynote
-------------
මේක ප්‍රසන්ටේශන් ඇප් එකක්. පොඩි කාලෙදිම ප්‍රසන්ටේශන් එකක් හදන්නේ කොහොමද කියලා හොඳටම ඉගෙන ගන්න පුලුවන් එකක්.
සංකීර්ණ ඉන්ටර්ෆේස් එකක් නැති නිස ඉක්මනට වැඩේ අල්ලගන්න පුළුවන්.
🌻 MindNode
----------------
මයින්ඩ් මැප්ස් හදන්න පුලුවන් හොඳම ඇප් එකක් මේක.
පොඩි කාලෙම මයින්ඩ් මැප් එකක් ගහන හැටි කියලා දුන්නා කියලා පාඩුවක් වෙන එකක් නෑ.
🌻 Nebo
--------
නෝට්ස් ලියන්න, ජර්නල් ලියන්න පුරුදු කරන්න පුලුවන් ඇප් එකක්.
🌻 Procreate
---------------
ඩිජිටල් ආර්ට්ස්වලට ලෝකේ තියෙන හොඳම ඇප් එකක්.
පොඩි කාලෙම පුරුදු වුනාම නවත්තන්න බැරි හොඳ පුරුද්දක් වේවි චිත්‍ර අඳින එක.
🌻 Adobe Fresco
---------------------
මේක ඩිජිටල් ආර්ට්ස්වලට හොඳ එකක්.
වර්ණ සංයෝජනය ඉඳන් එක එක පින්සල්, පෑන්, පැන්සල්වල ස්වභාවය ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්.
වෝටර්කලර්ස් වල තියෙන නැචුරල් ෆ්ලෝ එක හොඳටම තියෙනවා.
🌻 Chess
---------
චෙස් ප්ලේ කරන කෙනෙක්ට තනියම වුණත් ප්ලේ කරන්න, ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳම ඇප් එකක්.
Chess. com එකේ ඔෆීෂල් ඇප් එක තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ.
🌻 ComicFlow
----------------
කොමික්ස් ඇතුළු ඔක්කොම ඊ-බුක්ස් එක ලයිබ්‍රියක තියාගන්න පුළුවන් ඇප් එකක්.
🌻 DEVAR
-----------
මේක AR VR ඇප් එකක්. ඒකට හරි යන පොත් සීරීස් එකක් කඩේ තියෙනවා ගන්න.
Anatomy, Space, Wonders of the World වගේ වැදගත් ඒවා AR VR ලෙවල් එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
🌻 FashionDesign
----------------------
ෆැශන් ඩිසයින් පැත්තට ආස වෙන්න පුළුවන් ඇප් එකක්.
ඔළුවේ තියෙන නිර්මාණශීලීත්වය එලියට ගන්න පුලුවන් හොඳ විදියක්.
🌻 DPM
--------
ළමයගේ ඇතුළෙ ඉන්න සංගීතකාරයව එළියට ගන්න පුළුවන් විදියේ හොඳ ඇප් එකක්.
එක එක බීට්ස් හදන්න තමයි තියෙන්නේ.
🌻 GarageBand
-------------------
සංගීතය ගැන සෑහෙන්න දෙයක් අත් හදා බලලා ඉගෙන ගන්න පුළුවන් ඇප් එකක්.
සෑහෙන්න වපසරියක සංගීත භාණ්ඩ ගැන හොඳට ඉගෙන ගන්නත් පුළුවන්.
🌻 Jambl
----------
මේකත් මියුසික් සම්බන්ධ ඇප් එකක්.
එක එක ශානරයේ ට්‍රැක්ස් එකතු කරගෙන, ලූප්ස් හදලා හොඳ ලස්සන වැඩක් කරන්න පුළුවන්.
- විකුම් හර්ෂණ -