Gemini එකෙන් වේවා ChatGPT එකෙන් වේවා එහෙමත් නැත්නම් Leonardo AI එක වේවා මේ ඕනෑම image generate කරන්න ගන්න AI model එකකින් හරියටම අපිට ඕන output එක ගන්න prompt එකක් ලියන්න ඔයා දන්නවද? සාමාන්‍යයෙන් ඔයා IT කේෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක් හරි අධ්‍යාපනය ලබන කෙනෙක් හරි නම් මේ ගැන දන්නව ඇති. ඒ උනාට ලංකාවේ බහුතරයක් ඉන්නේ එහෙම අය නෙමේ හින්දා මන් හිතුවා මේ හැමෝටම තේරෙන විදියට හරියටම කොහොමද prompt එකක් ලියන්නේ කියන එක කියලා දෙන්න. එහෙනම් යමු කතාවට.
මේකෙදි මන් prompt එකක් ලියන්නේ කොහොමද කියලා විතරයි කතා කරන්නේ. Gemini එකට හරි ChatGPT එකට හරි යන කෑල්ල, ඔයාගේ පොටෝ එකක් upload කරන විදිය එහෙම දන්නැත් නම් පොඩ්ඩක් YouTube එකේ search කරලා බලන්න අද වෙද්දි ඕන තරම් ඒ ගැන කියන වීඩියෝ තියෙනවා. අනික ඒ කෑල්ල මට මෙහෙම ලියලා කියලා දෙන්නත් බෑනේ. ඔයාල ඇහෙන් දකින්නම ඕනේ කරන විදිය. අනිත් එක මන් මේ කියන පහල දාන විස්තරය ලොකු හෑල්ලක් වගේ පෙනෙයි. හැබැයි ඒ ටික ඔක්කොම කියවන්න. මොකද මේ පටන් අරන් තියෙන්නේ photographer වෘත්තියේ අවසාන කාලය. ඔයා මේ කියන ටික හරියට ඔලුවට දා ගත්තොත් ඔයාට ආයේ කවදාවත් ලක්ෂ ගණන් දීලා photographer කෙනෙක්ව ගන්න ඕනේ නෑ.
හරි අපි එහෙනම් මුලින්ම බලමු ඇයි අපිට මේ විදියට හරියට prompt එකක් ලියන එක වැදගත් වෙන්නේ කියලා. ආහ් තව දෙයක් කියන්න ඕනේ මන් මෙතනදි උදාහරණ විදියට කතා කරන prompt ඉංග්‍රීසියෙන් ලිව්වට ඔයාට අදාල AI model එකට සිංහලෙන් උනත් දෙන්න පුලුවන්. මොකද අද වෙද්දි බහුතරයක් image generate කර ගන්න භාවිතා කරන AI model වලට අපිට වැඩිය හොදට සිංහල තේරෙනවා.
සාමාන්‍යයෙන් image prompt එකක් කියලා කියන්නේ AI model එකට, අපට නිර්මාණය කර ගන්න ඕනේ දේ ගැන විස්තර කරන වචන ටිකට. හැබැයි පැහැදිලි prompt එකක් හා නොපැහැදිලි prompt එකක් අතර වෙනස හරියට රෑ දවල් වගේ. මන් ඒක විස්තර කරන්න උදාහරණයක් කියන්නම්කෝ.
Prompt 1: “A dog in a park.”
Prompt 2: “A golden retriever puppy sitting on fresh green grass in a sunny park, with a blue sky and children playing in the background, photorealistic, 4k.”
මෙතන ඔයාලට පේනව ඇති උදාහරණ විදියට මන් prompt දෙකක් ලියලා තියෙනවා. එතනින් ඔයා පලවෙනි prompt එක අරගෙන ඒක google Gemini වගේ මොකක් හරි AI model එකක ගහලා enter කරොත් ඔයාට නිකන් park එකක ඉන්න බල්ලෙක්ව හදලා දෙයි. සමහර වෙලාවට ඒ හදලා දෙන පොටෝ එක cartoon එකක් වගේ වෙන්නත් පුලුවන්. හැබැයි ඔයා දෙවන prompt එක දුන්නොත් ලස්සනට ඇත්තක් පින්තූරයක් වගේම එකක් හදලා දෙනවා. අන්න ඒක තමා අපි හරියට prompt ලියන එකේ වැදගත්කම.
සාමාන්‍යයෙන් මේ විදියට ඔයාට ඇත්තටම අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙන prompt එකක් ලියන්න නම් ඔයා මුලින්ම ඒක හරියට ව්‍යුහගත කරලා ඉන්න ඕනේ. ඒ විදියට ලියන විශිෂ්ඨ image prompt එකකට නම් පහත අංග ටික ඇතුලත් වෙලා තියෙන්න ඕනේ.
🔴Subject – ඔයාට හදා ගන්න ඕනේ පින්තූරයේ ඉන්න ප්‍රධාන පුද්ගලයා හෝ වස්තුව
• Example: “A medieval castle” (මධ්‍යතන යුගයේ බලකොටුවක්)
🔴Details – Specific features, characteristics, or qualities. ( අදාල ප්‍රධාන වස්තුවේ හෝ පුද්ගලයාගේ තිබිය යුතු ලක්ෂණ හෝ ගුණාංග)
🔴Example: “Made of grey stone, with tall towers, surrounded by a moat” (දිය අඟලකින් වට වෙලා තියෙන, අළු පැහැති ගල් වලින් ඉදි කල හා උස කුළුණු සහිත)
🔴Style – The artistic direction you want. (ඔබට අවශ්‍ය කලාත්මක දිශාව)
• Example: “In a watercolor painting style” (දියසායම් සිතුවමක් වගේ පින්තූරයක්)
🔴Mood/Atmosphere – The emotion or feeling you want the image to give. ( අදාල පුද්ගලයාගේ තිබිය යුතු මනෝභාවය හෝ වායුගෝලයේ ස්භාවය)
• Example: “Mysterious and gloomy, with fog in the background” (අභිරහස් සහ අඳුරු, පසුබිමේ මීදුම සමඟ)
🔴Technical Aspects – Resolution, lighting, angles, etc. (විභේදනය, ආලෝකකරණය, කෝණ, ආදිය.)
• Example: “Ultra-realistic, 8k resolution, cinematic lighting, wide-angle” (අධි යථාර්තවාදී හෝ සිනමාත්වක වැනි)
මේ කිව්ව ටික හරියට ඒකාබද්ධ කරනවා කියන්නේ හරියට ඔයා චිත්‍රපටියක අධ්‍යක්ෂක වගේ AI model එක මෙහෙයවනවා වගේ වැඩක්.
දැන් බලමු මේ විදියට හරියට prompt එකක් ලියන පියවර ටික මොකක්ද කියලා.
1. Start with the Subject – AI මොඩලයෙහි අවධානය යොමු කිරීමට ඔයාට අවශ්‍ය දේ ගැන හිතන්න මුලින්ම. එය පුද්ගලයෙකුද, භූ දර්ශනයක්ද, වස්තුවක්ද, නැතහොත් වියුක්ත සංකල්පයක්ද? ඒ වගේම නිශ්චිත වන්න. “කුරුල්ලෙක්” යැයි පැවසීම වෙනුවට “පියාපත් මත තැඹිලි පාට පිහාටු සහිත පණ තියෙන නිල් පාට මැකෝ ගිරවෙක්” වගේ විස්තර ඇතුව ඔයාට ඕන විදිය පැහැදිලි කරන්න.
2. Add Context and Background - ඔයා හදන පින්තූරයේ තියෙන වටපිටාවෙන් තමා ඔයාගේ පින්තූරයට ජීවයක් එක් කරන්නේ. මොකද අපි නිකන්ම ගිරවෙක් ඉන්නවා කියලා කිව්වට සමහර වෙලාවට ගිරව් කැලෑ අත්තක් මත වාඩි වී ඉන්නත් පුලුවන්, එක්කෝ දිය ඇල්ලකට ඉහලින් පියාසර කරන්නත් පුලුවන් එහෙමත් නැත්නම් මුහුදු කොල්ලකරුවෙකුගේ උරහිස මත වෙලා ඉන්නත් පුලුවන්නේ. ඒ කියන්නේ ඔයා AI මොඩල් එකට කියන සෑම සන්දර්භයක්ම වෙනස් ප්‍රතිඵලයක් නිර්මාණය කරනවා.
3. Define the Style - ඔයාට ඕනේ ඇත්තම එකක් වගේ යථාර්ථවාදී පින්තූරයක්ද, චිත්‍රයක් වගේ එකක්ද, ඩිජිටල් සිතුවමක්ද එහෙමත් නැත්නම් anime style එකක්ද කියන එකත් පැහැදිලිව සදහන් කරන්න prompt එක ලියද්දි.
4. Include Lighting and Atmosphere - ආලෝකකරණය කියන්නේ පින්තූරයක ස්භාවය සම්පූර්ණයෙන් කන පිට හරවන්න පුලුවන් එකක්. ඒ හින්දා මතක ඇතුව ඔයාගේ prompt එක ලියද්දි ඒකට golden hour, neon glow, cinematic shadows, soft candlelight වගේ ආලෝකකරණයට අදාල වචන දාන්නත් අමතක කරන්න එපා.
5. Specify Technical Quality - අන්තිම එක තමා ඔයාට අවශ්‍ය මොන වගේ Quality එකක් තියෙන පින්තූරයක්ද කියන එක සදහන් කරන්න. ඒ කියන්නේ ඔයාට තියුණු බව, ගැඹුර හෝ යථාර්ථවාදය අවශ්‍ය නම් high definition, photorealistic, 8k, macro photography. වගේ වචන භාවිතා කරන්න.
හරි දැන් බලමු මෙහෙම prompt එකක් ලියද්දි ඔයාල කරන පොදු වැරදි මොනවාද කියලා.
🔴ඕනෑවට වඩා නොපැහැදිලි වීම - හිතන්න ඔයාට හදා ගන්න ඕනේ පියාඹන කාර් තියෙන අනාගත නගරයක රාත්‍රී දසුනක් කියලා. එහෙනම් ඒකට ලියන prompt එකේ ඔයා නිකන්ම නගරයක් කියලා දැම්මොත් ඒක වැරදී. එතකොට හරියට එන්නෑ පින්තූරය. ඒක වලක්ව ගන්න නම් ඔයා කියන්න ඕනේ නියොන් ලයිට් සහිත පියාඹන මෝටර් රථ සහ වැස්සෙන් තෙමුණු වීදි සහිත හා සිනමා ශෛලියෙන් යුක්ත අනාගත සයිබර්පන්ක් නගරයක රාත්‍රී දසුනක් කියලා.
🔴ඔයා prompt ලියද්දි අනවශ්‍ය ඉඟි ඕනෑවට වඩා ලියන එක - ඔයා මාළිගාවක පින්තූරයක් නම් හදන්නේ ඒකට ලියන prompt එකේ “මකරුන්, සුරංගනාවියන්, නයිට්වරු, ගින්න, අභ්‍යවකාශ නැව්, රොබෝවරු, කඳු සහ සාගර සහිත මාලිගාවක්” කියලා දෙන්න එපා. ඒකෙදි ඔයා මාළිගාවකට අනවශ්‍ය ගොඩක් දේවල් කියලා. ඒ වෙනුවට හැකි සෑම විටම එක් ප්‍රධාන අදහසක් කෙරෙහි අවධානය යොමු කරන්න. එතකොට ඔයාට සැමවිටම වෙනස්කම් ජනනය කරන්න පුලුවන්.
🔴පින්තූරයේ විලාසය නොසලකා හැරීම. - සාමාන්‍යයෙන් AI model එකක් ගොඩක් වෙලාවට සාමාන්‍ය රූප ලබා දෙන්නේ. හැබැයි ඔයා හරියට යථාර්ථවාදය, විකට කලාව වගේ යොමු විලාසයක් එක් කරොත් AI එකත් ඔයාට ඒ විදියටම හදලා දෙයි.
තව කියන්න අමතක උන කරුණක් තමා මතක් කරලා prompt එකක් ලියද්දි ඔයාට පින්තූරය අවශ්‍ය size එකත් දාන්න. 16:9 size, TikTok video size, Intergram post size, Facebook cover photo size, 1200*1450 size වගේ. ඒ වගේම තමා හොද prompt එකක් ලියද්දි ඔයාට ඒකට යටින් negative prompt එකකුත් ලියන්න පුලුවන්. ඒකෙන් කියන්නේ ඔයාට ඕන පින්තූරයේ තියෙන්න ඕනේ නැති දේවල් මොනාද කියන එක. ඒකට උදාහරණයක් දාන්නම් මන් පහලින්,
Prompt: "A high-resolution illustration of the evolution of potatoes from wild species to modern cultivars, showing genetic diversity and geographical spread."
Negative Prompt: "Low quality, cartoonish style, text overlays, watermarks, distorted anatomy, unrealistic colors, cluttered background."
මේක තමා මන් හිතන්නේ වැදගත්ම කාරණය ඔය උඩ මන් කිව්ව ඔක්කොම කියවලත් ඔයාට හරියට prompt එකක් ලියා ගන්න බැරි නම් ඔයා ඒක අදාල AI model කියලා ලියව ගන්න. උදාහරණයක් විදියට ඔයා fb එකේ උඩට පහලට යද්දි දකිනවා ලස්සන පොටෝ එකක්. ඒක ඇත්ත එකක් වෙන්න පුලුවන් AI වලින්ම හදපු එකක් වෙන්න පුලුවන්. කොහොම හරි ඔයාට ඒක හදා ගන්න ඕනේ නම් ඔයා ඒ පින්තූරය ChatGPT එකට වගේ upload කරලා කියන්න මට මගේ පින්තූරයක් යොදාගෙන මේ වගේම පින්තූරයක් හදා ගන්න පුලුවන් විදියේ හොද විස්තරාත්මක prompt එකක් ලියලා දෙන්න කියලා. හරි සරලයි.
මන් පහලින් දාන්නම් ඒ වගේ හොදට ලියපු image prompt කිහිපයකට උදාහරණ ටිකක්. මේ article එක medium එකේ හරි blogger එකේ හරි දාල link එක මේකට දානවා කියලා මුලින් හිතුනත් පස්සේ හිතුනා නෑ මේක සිංහලෙන්ම ලියලා page එකේ දැම්මොත් ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ හින්දා මේක කියවන හැමෝම like එකක් comment එකක් share පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. තව තේරුන් නැති දෙයක් තිබ්බොත් පහලින් comment එකක් දාගෙන යන්න.
1. Nature Scene
“A majestic snow-capped mountain under a starry sky, reflected in a calm lake, ultra-realistic, long exposure photography style.”
2. Portrait
“A 19th-century woman in a red velvet dress, holding a lantern, oil painting style, dramatic lighting, mysterious expression.”
3. Fantasy
“A dragon flying over a floating island with waterfalls spilling into the clouds, magical atmosphere, digital painting, high detail, 8k.”
4. Product Photography
“A luxury wristwatch on a marble table, soft shadows, studio lighting, photorealistic, ultra-high definition.”
5. Cartoon Style
“A cheerful panda eating bamboo under cherry blossom trees, Pixar-style 3D animation, bright and colorful.”
.