ඔයාගෙ හීන හැබෑකරගන්න 8-5 රස්සාව කරලා මදි නම්, කම්මැලි නොවී ඔයාගෙ අදායම ඉහළ දාගන්න ක්‍රම experiment කරන්න..
අපේ තාත්තා කියනවා වගේ "මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුනොත්, හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්න වෙයි".
* රස්සාවෙන් off වෙලා ඇවිල්ලා pickme, uber, food delivery වගේ යමක් කරන්න.
* සතියේ දවස්වල හවස, weekend එකේ personal parcel delivery service එකක් පටන්ගන්න.
* Youtube/Google එකෙන් graphics, video editing, content writing, digital marketing සම්බන්දව හදාරලා freelance service එකක් දෙන්න පුළුවන්.
* ඔයා දක්ෂ විෂයන් හරහා පොඩි පන්තිවල ළමයින්ට individual tuition දෙන්න පටන්ගන්න.
* Marry කරලා නම් wifeව කුස්සියටම තල්ලු නොකර, ඉක්මනට දියුණුවෙන්න ඕන නම් එයාවත් කැමති field එකකින් short-term course එකකට දාලා, දෙන්නත් එක්ක ගමන හදාගන්න. ඔයා නොහිතපු පැත්තකින් එයාට සැඟවුන හැකියාවක් තියෙන්නත් පුළුවන්..
* කාර්යබහුල ජීවිත එක්ක හැමෝටම salon යන්න වෙලාවක් නෑ.. Home visiting haircuts, facials, nails beauty service එකක් දෙන්නත් පුළුවන්.
* ලංකාවෙ modern gen එකේ ගොඩක් ගැහැනුන්ට දැන් උයන්න බැරි නිසා.. ඔයාගෙ wifeට හොඳට කෑම උයන්න පුළුවන් නම් friends cirlce එකේ පොඩියට කෑම දෙන, cake හදන වැඩක් පටන් ගන්න.
* පොඩි කඩවල් වලට short eats, sweets හදලා දාන්නත් පුළුවන් සිත් ඇදගන්නා සුළු packaging එකක් එක්ක (sweets ලොකු market එකක්).
* Wife creative නම් එයාට fashion accessories, විසිතුරු භාණ්ඩ, jewelries හදන්නත් පුළුවන්.. (උදාහරණයක්: සිප්පිකටු වලින්).
* ගෙදර පොඩි විසිතුරු මල්පැළ තවානක් දාන්නත් පුළුවන් (ලොකු market එකක්).
* Youtube channel එකක් කරන්න පටන් ගන්න. Professional acting, camera ඕන නෑ.. එදිනෙදා වෙන funny සිදුවීම්,cooking, travelling, dining, බබාගෙ, ගෙදර සුරතලාගේ content හදන්න පොඩි පොඩියට ඇඟට බරක් නොවෙන්න.
* අලුතෙන් ඇඳුම් ගන්න ගියොත් ගණන් වැඩි නිසා, ගෙදර ඉඳන් මිනිස්සුන්ගෙ පරණ ඇඳුම් වල පරණ වෙලා, ඉරිලා තියෙන කොටස් creative හිතලා, replace කරලා modify කරලා මහලා නැවත පාවිච්චර ගන්න පුළුවන් service එකක් දෙන්න.
* Stock market එක ගැන YouTube එකෙන් හදාරන්න (long-term)
* ඔයාට දැනටමත් හොඳ network එකක් ඉන්නවා නම් අනුන්ගෙ products affiliate marketing කරන්න පුළුවන් (Pyramid සීන් නම් කරන්න යන්නෙපා, ගුටි